Colombo Today Local News

මඩකලපුවට ඇදහැළුණු මෝස්ම් වරුෂාව හේතුවෙන් 35,642දෙනෙක් පීඩාවට

මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපයක් තිස්සේ ඇදහැළුණු මෝස්ම් වරුෂාව හේතුවෙන් පවුල් 10,716ක පුද්ගලයන් 35,642 පීඩාවට පත්ව ඇති බව මඩකලපුව දිස්ත්‍රික්කයේ දිසාපති කේ.කරුණාකරන් මහතා පැවසීය.

කාත්තාන්කුඩි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 6680 ක 22,496දෙනෙකු,කොරලේපත්තුඅව වාකරේ ප්‍රදේශයේ පුද්ගලයින් 5689 දෙනකු, මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1561ක 5037 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

කොරලේපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 402 ක 1285 දෙනෙකු, කොර්ලෙපත්තුව මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 139 ක 464 දෙනෙකු, මන්මුනේපත්තුව ආරයන්පති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 108 ක 359 දෙනෙකු, කොර්ලෙපත්තුව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 29 ක 128 දෙනෙකු, පට්ටිපලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 28 ක 97 දෙනෙකු, එරාවුර් සෙන්ගලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේපවුල් 10ක 32 දෙදෙනෙකු, මන්මුනේ උතුර වවුනතිවු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 9ක 25 දෙනෙකු, පෝරතිවුපත්තුව වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6ක 9 දෙනෙකු, කලුවන්චිකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2ක 11 දෙනෙකු, කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2ක 8 දෙනකු පීඩාවට පත්ව් ඈත.

මීට අමතර කිරාන් සෙන්ගලඩි වවූනතිවු ප්‍රදේශයේ නිවාස 2ක්, වාකරේ කොරලේපත්තුව මධ්‍යම වාලච්චේන, මන්මුනේ උතුර කලුවාන්චිකුඩි යනාදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක නිවසක් බැගින් අර්ධ හානිවූ නිවාස සංඛ්‍යාව 10කි. ගංවතුර ආපදාවෙන් පීඩාවට පත්වුවන් කොරෝනා වෛරස ව්‍යප්තිය මර්දනයට අදාළ නීති රිතීවලට අනුව ඥාතීන්ගේ නිවෙස්වල නතර කර ඇත.

Related posts

තවුහිඩ් ජමාත් නායකයන් ලෙස පෙනී සිටිමින් දඹුලු විහාරයේහිමිගෙන් කෝටි 10ක් ඉල්ලූ 3ක් අත්අඩංගුවට

colombotoday

රිලවුන් රට පටවන යෝජනාව යලි

Admin

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday

වසර පහකට පෙර රුපියල් 700ක්ව පැවැති රබර් කිලෝවක මිල අද රුපියල් 250 දක්වා පහත වැටිලා

colombotoday