Colombo Today Local News

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර පළාතේ, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකිය.

Related posts

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

colombotoday

ප්‍රහාර සම්බන්ධයෙන් CIDය හේමසිරිගෙන් පැය 9ක ප්‍රකාශයක් ලබා ගනී

colombotoday

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි

colombotoday

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු

colombotoday

යුක්රේන ආරක්ෂක ප්‍රධානියෙක් හදිසියේම දිවයිනට

colombotoday