World

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

සඳෙන් පස් සාම්පල් රැගත් චෑන්- 5 අභ්‍යවකාශ යානය යළි පෘථිවියට පැමිණ තිබේ.

අද (17)දින අළුයම එම යානය මොංගෝලියාව ආසන්නයේ භුමි ප්‍රදේශයකට ගොඩ බැස්සූ බව වාර්තා වේ.

එම යානයෙන් සඳේ පෘෂ්ඨයෙන් පස් කිලෝ 02ත් 04ත් අතර ප්‍රමාණයක රැගෙනවිත් තිබේ.

ඒ අනුව සඳෙන් පෘථිවියට පස් රැගෙන ආ තෙවන රට බවට චීනය පත්විය.

මීට පෙර, පර්යේෂණ කටයුතු සඳහා අමෙරිකාව සහ රුසියාව අවස්ථා කිහිපයකදී සඳෙන් පස් රැගෙනවිත් තිබේ.

1976 වසරෙන් පසු සඳ වෙත අභ්‍යවකාශ මෙහෙයුමක් සිදුකළ පළමු අවස්ථාවද එය වේ.

දින 23ක ගමනකින් පසු චීනය විසින් ගුවන්ගත කළ අදාළ යානය සාර්ථකව යළි පෘථිවියට ගොඩබැස්සවිමට සමත්විම චීනය ලැබූ ජයග්‍රහණයක් බව විචාරකයින් පෙන්වා දෙයි.

Related posts

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

Admin

බංගලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක පිපිරීමක් – 13ක් ජීවිතක්ෂයට

colombotoday

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

colombotoday

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක්

colombotoday

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin