Colombo Today Local News

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල නාගරික බල ප්‍රදේශයට අයත් කටුගොඩ තොරාගත් ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

කටුගොඩ කොරෝනා ආසාදිත රෝගින් 14 දෙනෙකු වාර්තාවීමත් සමග මාර්ග බාධක 03ක් යොදා සංචාරණ සීමා පැනවීමට කටයුතුකර ඇති බැව් ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර මහතා පැවසීය. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවසම් 07ක් සදහා සංචරණ සීමා පැනවීමට කටයුතු කරතිබුණි.

ගාල්ල මහනගරාධිපති ප්‍රියන්තසහබන්දු මහතා සදහන් කළේ පවතින තත්වය පිළිබද සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට දංගෙදර සමගිවත්තහි සංචරණ සීමා ලිහිල්කළ බවය.එමෙන්ම දේදුගොඩ ප්‍රදේශයේ දමා තිබු මාර්ග බාධකයක් ඉවත් කළ බවත්,මිලිද්දුව ප්‍රදේශයේ මාර්ගය වසා තිබු ස්ථානයක් තව ඉදිරියට ගත් බවද හෙතෙම පවසයි. දංගෙදර නැගෙනහිර ප්‍රදේශයට අයත් මොරගොඩ පාළම අසල දමා තිබු මාර්ග බාධකය වෙනස් කිරිමට ලක්කළ බවද නගරාධිපතිවරයා සදහන් කළේය.

මේ පිළිබද අදහස් දක්වමින් ගාල්ල නගරාධිපතිවරයා මෙසේද කිවේය.

“ගාල්ලට දැනට පනවා ඇති ග්‍රාම නිලධාරිවසම්වල සංචරණ සීමා මෙම මස 18 වැනිදින රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට යාම සදහා පැයක පමණ සහන කාලයක් ලබාදීලා තියෙනවා. දැනට මෙකී ප්‍රදේශවල මාර්ග බාධක 14ක් පමණ පොලිසිය මගින් දමා තියෙනවා.පොලිසිය හා සෞඛ්ය බලධාරින් සමග සාකච්ඡාකොට එවායේ පොඩි පොඩි වෙනස්කිරීම් කළා” යැයිද නගරාධිපතිවරයා පවසයි.

නොවැම්බර් මස 30 වැනිදින සිට ඊයේ (16) දින දක්වා ගාල්ලෙන් කොරෝනා ආසාදිත රෝගින් 117ක් දෙනෙකු වාර්තා වි ඇත.

Related posts

ලංකාවට පන්නන්න හැදූ කෝටි 110ක මත්ද්‍රව්‍ය සමග 2ක් තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට

Admin

Breaking : පාන්දර 5ට ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න

colombotoday

“අපට ඕන වුණේ මහින්ද එලවන්න විතරයි.. දැන් ඉතින් මොන මගුල වුණත් කමක් නෑ” – ඩබ් ජයසිරි

colombotoday

සීමාවටත් එහා ණය ගන්න අලුත් පනතක් ගැසට් කරයි.. සම්මත කරගන්න හෙට අනිද්දාම පාර්ලිමේන්තුවට

colombotoday

එජාපයට කැමති වාර්තාවක් හදාගන්න ඉඩදී හදුන්නෙත්ති COPE සභාපතිකමෙන් ඉවත්වෙයි

colombotoday

පැය 12ක මෙහෙයුමකින් 1563ක් අත්අඩංගුවේ

colombotoday