Colombo Today Local News

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

කහටගස්දිගිලිය නගරයේ වෙළදසැලකින් කොරෝනා රෝගියෙකු හමුවිම නිසා අද (11)දින දහවල් 12.00 සිට ඉරිදා වනතෙක් සියළු වෙළදසැල් තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන තිබේ.

කොරෝනා රෝගය වැළදි ඇත්තේ කහටගස්දිගිලිය නගරයේ වෙළදසැලක් පවත්වා ගෙන ගිය 23 හැවිරිදි පුද්ගලයෙකුටය.ඔහු අකුරණ ප්‍රදේශයේ පදිංචි කරැවෙකි.

කහටගස්දිගිලිය නගරයේ වෙළදසැල් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයන් 57 දෙනෙකු අහඹු ලෙස පසුගිය 09 වැනිදා පිසිආර් පරික්ෂණයකට ලක්කොට තිබු අතර ඉන් මෙම 23 හැවිරිදි පුද්ගලයාට කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරැ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ තේජන සෝමතිලක මහතා සදහන් කළේය.

ඒ අනුව මෙම පුද්ගලයා ප්‍රතිකාර පිණිස අනුරාධපුර මෙත්සිරි සෙවණ රෝහලට ඇතුලත් කොට තිබේ.ඔහුගේ වෙළදසැලේ සේවය කළ සේවකයන් දෙදෙනා හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කොට තිබේ.

මෙම කොරෝනා රෝගියා හමුවිමේ හේතුවෙන් කහටගස්දිගිලිය නගරයේ වෙළද සංගමය විසින් ගනු ලැබු තීරණයක් පරිදි අද (11)දින පස්වරැ දොළහේ සිට සියළු කඩ සාප්පු ඉරිදා දක්වා වසා දමා තිබේ.

කහටගස්දිගිලිය නගරයේ පිහිටි රාජ්‍ය ආයතන සුපුරැදු පරිදි විවෘත කර තිබුණි.

Related posts

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා යටතට

colombotoday

යහපාලනය නාවික හමුදා බිල්ල, ඩී.කේ.පී දසනායකට සේවා දිගුවක් නොදී ගෙදර යවයි.

colombotoday

ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු. – ඇමති නවීන් දිසානායකට ඉරාජ් අභියෝග කරයි

colombotoday

ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරි

colombotoday

මෙරට ඉඩම් මැනීම ඇමරිකානු සමාගමකට.. රජයේ මිනින්දෝරුවෝ සේවයෙන් ඉවතට..

colombotoday

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කළ මවක් අත්අඩංගුවට…

Admin