Colombo Today Local News

බුරවිගේ බලපෑමෙන් යාපනයේ 1589 ක් පීඩාවට – නිවාස 156 කට හානි.

උතුරු පළාතට නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හා සුළං තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 459 ට අයත් පුද්ගලයින් 1589 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිවාස 15 ක් මුළුමනින්ම හානියට පත්ව ඇති අතර තවත් නිවාස 141ක් පමණ අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ.

පීඩාවට පත් පිරිස රඳවා තැබීම සදහා කදවුරු 4ක් යාපනය දිස්ති‍්‍රක්කයේ ස්ථාපනය කොට තිබේ. මෙහිදී වැඩිම බලපෑම් සන්ඩිලිප්පායි චාවකච්චේරී හා පේදුරුතුඩුව යන ප‍්‍රදේශ වලට එල්ලවී පවතී.

මෙයට අමතරව මරතන්කෙර්නී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් පවුල් 167 ට අයත් සාමාජිකයින් 523 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ නිලධාරීහු පවසති.

පේදුරුතුඩුව ප‍්‍රදේශවේ පවුල් 58 ට අයත් සාමාජිකයින් 206 ක් වේලනෙයි ප‍්‍රදේශයේ පුවල් 23 ට අයත් පුද්ලගයින් 80 ක් ආදි වශයෙන් පීඩාවට පත්ව සිටිති.

Related posts

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක්… රට පුරා අදත් මහ වැසි…

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ අසමත් වූ සියළුම සිසුන්ට උසස් පෙළ හැදෑරීමේ වරම්…

colombotoday

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

ධනවත් කටාර් ජාතිකයෝ ලොවපුරා ඉස්ලාම් ව්‍යාප්තවාදයට, වහාබ්වාදයට යහමින් මුදල් වියදම් කරන හැටි මෙන්න

colombotoday

ලංකාව විදේශීය ආගමික අන්තවාදීන්ගේ දඩ බිමක් වෙලා – ඥාණසාර හිමි (Video)

colombotoday

පහළ වායුගෝලය කැලඹෙයි – අද සහ හෙට කාලගුණයේ ලොකු වෙනසක්

colombotoday