Colombo Today Local News

බුරවි මන්නාරම් බොක්ක ආසන්නයේ..

දිවයිනට ඇතුළු වූ බුරවි සුළිකුණාටුව තවදුරටත් දිවයින හරහා ගමන් ගනිමින් මන්නාරම් බොක්කට ආසන්න වී තිබේ.

කාලගුණ බලධාරීන් පවසන්නේ අද පෙරවරුවේ මෙම සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බවයි.

බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැළෙමින් තිබේ.

සුළි කුණාටුව ඊයේ රාත්‍රී 10.30ත් 11.30ත් අතර කාලය තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ කුච්චවේලි හා තිරියාය ප්‍රදේශ අතරින් ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද අලුයම 2.30 පමණවන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ, මුලතිව් අලම්පිල් ප්‍රදේශයෙනි.

එම අගය මිලිමීටර 222 කි.

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් මිලිමීටර 200.5 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද අලුයම 2.30 පමණ වන විට යාපනය ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතනය මිලීමීටර 194.3 කි.

මීට අමතරව පදවිය ශ්‍රීපුර ප්‍රදේශයෙන් මිලීමීටර් 195. 5 ක්, උඩයාර්කට්ටු ප්‍රදේශයෙන් මිලීමීටර් 189ක්, හා වැලිඔය ප්‍රදේශයෙන් මිලීමීටර් 180ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මන්නාරම මිලිමීටර් 128 ක වර්ෂාපතනයක් හා ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් මිලිමීටර් 120 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බුරවි සුළි කුණාටුවෙන් තද වැසි සමග තද සුළං සහිත තත්ත්වයක් වාර්තා වුව ද බලාපොරොත්තු වූ තරම් අපදා තත්ත්වයක් වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Related posts

අත් පා ගැටගැසූ කතක් පාළු මගක් අසල දමා ගිහින්

colombotoday

උතුරේ බුද්ධාගම ව්‍යාප්තියට මාගේ විරෝධයක් නෑ.. මගේ ප්‍රකාශය විකෘති කරලා – ආණ්ඩුකාර සුරේන් රාඝවන්

colombotoday

“බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

බොදු බල සේනාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – ඩිලාන් පෙරේරා යලිත් කට අරියි

colombotoday

ජූලි 5-12 අතර ගෑස් නැව් 2 ක් දිවයිනට

colombotoday

කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා දෙමළ ජාතිකයෙකු නැගෙනහිර මහ ඇමති කරන බවත් එතුමා කිවුවා- කරුණා

colombotoday