Colombo Today Local News

“නීතිය නොදැන කළ වරදට ඇයට සමාව දෙනු මැනවි” මුස්ලිම් කවුන්සිලය සෞදි රජුගෙන් ඉල්ලයි

abdul azizඉස්ලාමීය ශරීයා නීතියට අනුව ගල් ගසා මරාදැමීමට නියමිතව ඇති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට සමාව දෙන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සෞදි රාජ්‍ය පාලකයා වන සල්මන් බින් අබ්දුල් අසීස් අල් සවුද්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලිපියක් යොමු කරමින් ඔවුන් සදහන් කර ඇත්තේ අදාල කාන්තාව සෞදි ඉස්ලාමීය නීතිය හරිහැටි නොදැන සිටීම එවැනි වරදක් කිරීමට හේතු වී ඇති බවයි.

“ගල් ගසා මරා දැමීමට නියමිත කාන්තාව ඔබගේ රාජ්‍යයට පැමිණියේ තම දරුවන්ගේ සහ පවුලේ ආර්ථික අහේනිය නිසාමය. ඇයගේ සැමියාට තවමත් රැකියාවක් නැත. ඇය සෞදියට පැමිණියේ 2013 දී ය. දරුවන්ට ජීවත් වීමට තරම් මුදලක් ඇයට ඉතිරිකර ගතද හැකි වී නැත. ඇය වරදකට යොමු වූවා නම් එය ආර්ථික වශයෙන් සහ දුරු රටක තනිවීම හේතුවෙන් උපන් හුදකලා පිටස්තරභාවයකට ඇද වැටීම නිසා සිදුවූවකි. ඇය මරා දැමුවහොත් එම පවුල අසරණ භාවයෙනුත් අසරණ භාවයට ඇද වැටෙනු ඇත.

ගෞරවනීය සල්මන් රජතුමනි..! ශ්‍රී ලංකාවේ මුසල්මානුවන් සුළුතර ජන කණ්ඩායමක් වුවද අප රටේ ව්‍යවස්ථාව අනුව අප සමාන අයිතිවාසිකම් භුක්ති විඳින්නෝ වෙමු. අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී සිටින අපගේ කාන්තාවට ඔබතුමන් කාරුණිකව මැදිහත් වී සමාව ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව අතර ඉස්ලාමයට ගෞරවනීයත්වයක්ද ලැබෙනු ඇතැ” යි මුස්ලිම් කවුන්සියලය සවුදි රජුට යැවූ ලිපියේ සඳහන් වේ.

Related posts

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday

යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ දෙබිඩි පිළිවෙත

colombotoday

කොල්ලකරුවෝ නිවෙසට පැන ගෙහිමි පියා මරා භාණ්ඩ සොරා ගෙන. පුතුත් රෝහලේ…

colombotoday

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය හා වර්තමානය දැක්වෙන කෞතුකාගරයක්

colombotoday