Colombo Today Local News

නිවාර් චණ්ඩ සුළි කුණාටුවක් විය හැකි බවට අනතුරු ඇඟවීම්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය, මේ වන විට සුළි කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

එය නම් කර ඇත්තේ නිවාර් ලෙසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි.

මේ අතර උතුරු නැගෙනහිර ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති.

මේ හේතුවෙන් උතුරු – නැගෙනහිර මුහුදු ප්‍රදේශවල තද සුළං පැවතිය හැකි බැවින් පුත්තලම සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර නිවාර් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

සුළි කුණාටුව මේ වන විට හමා යන්නේ පැයට කිලෝමීටර 120 ක වේගයෙනි.

ඒ හේතුවෙන් චෙන්නායි ඇතුළු ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි ඇඳ හැළෙමින් පවතී.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි.

ඉදිරි පැය 12 තුළ නිවාර්, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ බලධාරීන් පුරෝකතනය කර තිබේ.

අවදානම් ප්‍රදේශවල වෙසෙන පුද්ගලයින් ඉන් ඉවත් කිරීමට ද කටයුතු යොදා තිබිණ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ ආපදා තත්ත්වයෙන් ජනතාවට වන බලපෑම අවම කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ඊට අමතරව ජනතාවට අවශ්‍ය සහන විධිමත්ව ලබාදෙන්නැයි ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබේ.

Related posts

ඌරනී වෙර⁣ළ තීරයේ දිය නාමින් සිටි දෙදෙනෙකු අතුරැදහන් වේ.

colombotoday

“දහස් ගණනක් ආයුධ මුස්ලිම් තරුණයන්ට බෙදා දුන්නේ මමයි” – හිස්බුල්ලාගේ රහස් හඩපටයක් පිටවෙයි

colombotoday

ජපාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

Admin

මහාමැතිවරණය පැවැත්විය හැකියි

colombotoday

වෙඩි කෑ සයිටම් ලොක්කා පොලිසියටත් නොදන්වා රට පනී !!

colombotoday

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday