Colombo Today Local News

සා/පෙළ විෂය නිර්දේශ ආවරණය වී අවසන් දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පියවර

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණ කර ඇත්දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඒ සඳහා ගුරුවරුන්ගේ හා සිසුන්ගෙන් තොරතුරු අන්තර්ජාලය හරහා සහ කොට්ඨාස නිලධාරීන් මගින් ලබා ගැනීමට නියමිත බවයි.

එම තොරතුරු මත පදනම්ව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දින වකවානු අවසන් වශයෙන් තීරණය කරන බව ද ඔහු පැවසුවේ ය.

කෙසේවෙතත් ලේකම්වරයා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගය දැනට ප්‍රකාශිත කාල සීමාව තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ලබන ජනවාරි 18 වැනිදා සිට 28 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතය.

මේ අතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, පාසල් ආරම්භ කිරීම සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව සෑම පළාතකම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධ කරගනිමින් අදාළ සාකච්ඡා පැවැත්වෙනු ඇති.

මීට අමතරව සෞඛ්‍ය බලධාරීන් සමග සම්බන්ධ වෙමින් පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ද ඔහු පැවසුවේ ය.

Related posts

ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුට

Admin

විශාල මුදල් වංචාවක් පාස්පෝර්ට් මගඩියක් ගැන පුබුදුගෙන් හෙළිදරව්වක්

Admin

“මහින්ද එලවා මෛත්‍රී – රනිල් ගෙන ඒම ගැන ඉන්දීය රජය සතුටින්“ – ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

colombotoday

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

“සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා” සටන්වි වදින්නැයි විග්නේශ්වරන් කියයි

colombotoday

“පොරොන්දු අකුරටම ඉටු කරනු“ ජිනීවා යෝජනාව ගැන ඩයස්පොරාව, TNA ප්‍රීතියෙන් පිනා යයි !

colombotoday