Colombo Today Local News

නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග ගුටි හුවමාරු කර ගත් 08 දෙනෙකු නිරෝධායනයට

යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග ගුටි බැට හුවමාරුවක් ඇති කරගත් පවුල් 04ක සාමාජික සාමාජිකාවන් 08 දෙනෙකු දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ (07)දින පියවර ගෙන තිබෙනවා.

කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම නිසා පේදුරුතුඩුවේ එක් පවුලක් නිරෝධායනයට ලක් කොට සිටි අතර ඔවුන් යාපනයට කොරෝනා ගෙන එන ලද බවට චෝදනා කරමින් එම ප්‍රදේශයේ පවුල් දෙකක නිරෝධායනය වූ පිරිස සමග ගුටි බැට හුවමාරු කරගෙන තිබේ.

මේ සිද්ධියෙන් පසුව පොලීසිය අදාල ස්ථානයට පැමිණ ඇති අතර සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් මත ඔවුන්ව පලමුව නිරෝධානයන කිරීමටත් දෙවනුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.

Related posts

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

ලංවිම කෝටි 20000ක ණය උගුලක

colombotoday

ඇමති රංගේ බණ්ඩාර වන්නියාගම රක්ෂිතය වනසයි.. ඇමතිගෙන් හා පුතාගෙන් නීතියටත් බලපෑම්

colombotoday

ලේකම්වරු අස් නොකලානම් තමුසෙලා විපක්ෂයේ – සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්

colombotoday

ජූලි පළමුවැනිදා සිට ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න

colombotoday

ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා පොලිසියේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට

colombotoday