Colombo Today Local News

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් මැස්සා මියයයි

මොණරාගල බන්ධනාගාරයේ සිරකරුවන් දෙපිරිසක් අතර අද(03)දින දහවල් ඇති වූ ගැටුමක් හේතුවෙන් ‘මැස්සා’ නමැති සිරකරුවෙකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම ගැටුම මැඩ පැවැත්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර, එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයිද දැනගන්නට තිබේ.

මෙම සිද්ධියෙන් සිරකරුවන් නොසන්සුන්තාවයට පත්ව සිටින බවද, එම තත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් එම බන්ධනාගාරයට යවා ඇතැයි ද වාර්තා වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ මොනරාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැසිකිළි වලියක්

Admin

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

Admin

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

ජේතවනාරාමයේ අකුණු සන්නායකය සොරා ගැනීම සම්බන්ධයෙන් සුපර් ස්ටාර් තරුවක් අත්අඩංගුවට

Admin

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday