Colombo Today Local News

සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි. ගුටි දුන් අයට වරදී

yuqze37n

පසුගිය ඔක්තෝබර් 29වනදා කොළඹ වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල කොමිසම ඉදිරියේ විරෝධතාවක නිරත වූ සිසුන්ට පහරදීමෙන් පොලීසිය එම සිසුන්ගේ මානව හිමිකම් කඩකළ බවත්, පහරකෑමට ලක්වූ සිසුනට වන්දිය ගෙවිය යුතු බවත්, පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කළ යුතු බවත් මානව හිමිකම් කොමිසම ඊයේ 04 නිර්දේශ කළේය.

ඒ අනුව පොලිස් බැටන් ප්‍රහාරයට ලක් වූ සජිනි සන්දීපනී කුමාරසිංහ ශිෂ්‍යාවට රුපියල් 25000 ක වන්දියක්ද,නුවන් ප්‍රදීප් කුමාර,අයේෂ් රත්නසූරිය,සුපුන් නිශාන්,ෂාතිමා හනීනා හුසේන්,සඳුනි චන්ද්‍රසිරි,බුද්ධි උක්වත්ත,නිලූකා නයනා හා ජීවා රූපසිංහට රුපියල් 15000 බැගින් ගෙවිය යුතු බවත් කොමිසම තීන්දු කළේය.

මෙම පහරදීමෙන් පසු පොලීසිය ප්‍රකාශ කළේ දුවද්දී බිම වැටුණු ශිෂ්‍යාවන් නැගිට සිටුවීමට පොලීසිය උදව් කළ බවයි.

සිසුන්ගේ අයිතිවාසිකම් කඩවන අයුරින් කටයුතු කර ඇති නිලධාරීන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට 2016.03.01 ට පෙර මානව හිමිකම් කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් නිර්දේශ කෙරිණ.

මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව පහතින් ලබාගත හැකිය.

Related posts

රුපියල් කෝටි හතරකට අධික රන් බිස්කට් අත්අඩංගුවට

colombotoday

ලංගමෙන් කෝටි 29 ක් ගසා කාලා!

colombotoday

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

Admin

ඌරු මස් කෑම අවධානම්

Admin

“උතුරේ ආර්ථිකය දියුණු වුණාට වැඩක් නෑ.. දේශපාලන විසදුම තමයි වැදගත්“ – විග්නේෂ්වරන්

colombotoday

ඒව මගේ චරිතය ඝාතනය කරන්න කියන කතා – බැදුම්කර චෝදනා ගැන රවී කියයි

colombotoday