Colombo Today Local News

“මගේ ඇම්බුස් එකෙන් උබ බේරුනේ ෆවූසි නිසයි.” නාකොටික් IP රංගජීවගෙන් මාකඳුරේ මදුෂ් ගැන සටහනක්

ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද‍්‍රව්‍ය කරුවකු වන මාකදුරේ මදුෂ් වෙඩි පහරකින් මිය යාමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් කර තිබේ.

එම සටහන මෙසේය.

මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවාම කැමත්තෙන් ආවේ හිටියේ උඹව මුහුණ හමුවෙන්න ,උඹෙ ලේ ගද මගේ නාසය තවම ඉල්ලනවා එකයි.සත්තකින්ම ඉල්ලනවා මගේ කොල්ලන්ගේ ලේ වලට සාදාරණයක් කරන්න. උඹව අවුරුදු එකහමාරක් දරුවෙක් වගේ පරිස්සම් කළ අර අකුරු තුනේ ඉන්න ස්තානාදිපති අදින්නෙත් මම අදින පොලිස් කාකිය. ඒ මහත්තයා ගේ දරුවන්ට උබ දිපු සල්ලි වලින් කවලා හිමෝෆිලියාව හැදෙනවා උබ බලාගෙන ඉදපං.

උබ මට පොරක් නොවේ එදා සුගතදාස වෙඩින් හෝල් එකෙදි මගේ ඇම්බුස් එකට සෙට් වුනු දවසේ. ෆවූසි මංත්‍රි හිටි නිසා උබ යහතින් ගියා. බායිවත්තේ මිහිලාර් ගේ පුතා ගේ වෙඩින් එකේ ඉම්රාන් එක්ක උබ ආවේ. මගේ ආබේවික්‍රමව උබ මරයි කියලා මම හිතුවේ නැහැ හීනෙන්වත්. නිකම් හරි හිතුනා නම් උබ ෆවුසි එක්කම යනවා සීයක් එක්ක වුනත්.

මැරුනු උබට පොර ටෝක් දාන්න ඔනේ නැහැ . යන තැනකට ගිහින් හිටපං මම කලින් එව්ව කිහිපදෙනෙකුත් ඉන්නවා ගිහින් හම්බවෙයන් උන්වත්. උබේ ගෝලයන්ට හීනෙත්වත් ඇවිත් කියපං හැම පොලිස් කාරයෙක්ම පොන්නයෝ නොවෙයි කියලා. උබව එව්වෙත් නියම පොලිස් කාරයන් කිහිපදෙනෙක් කියපං.

දේශබන්දු මහත්තයා වගේ ආදරය කරන ලොකු මහත්තුරුවර වගේම ශානි අබේසේකර,බබා කුජිත වගේ නපුංසක ඩයල් ද ඉන්නවා කියපං.දෙන දේ කාලා වෙන දේ බලාගෙන මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ට කුඩු කේස් එක නොදා ඉන්න කියපං .

එහෙම නොවුනොත් ඇස් දෙක ඇරුණු බයංකාර මරණයක් බලාපොරොත්තු වෙන්න කියපං.

මම
නාකොටික් රංගජිව

– Ranga Jeewa FB

Related posts

සබරගමුව සරසවියේ පළමු වසර හැර සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමයි..

Admin

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

රියදුරු පුහුණු පාසලක ප්‍රධාන පුහුණුකරු රුහුණු කුමාරිගේ අනී

colombotoday

ඉරිදා සහ පෝයදා ටියුෂන් නවත්වන්න කැබිනට් පත්‍රිකාවක්

colombotoday

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

Admin

හොරාගෙන් පේන අසා “අක්බර් විද්‍යාගාරය” පුවත අසත්‍යයක් ලෙස නම් කිරීමට විරෝධය දැක්වීම

colombotoday