Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

ඥානසාර හිමිට විරුද්ධව නඩු දැමූ පුද්ගලයෙක් පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ

2016 ජුලි 8 හෝ ඊට ආසන්න දිනකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් “ඉස්ලාම් ආගම පිළිකාවක්. එය අතුගා දැමිය යුතු බවත්, ඉස්ලාමිය ආගමිකයින් ලන්ඩන් සහ පැරිස් නගරයත් ලේ විලක් ලෙස පත්කිරීමට තර්ජනයක් ඇති බවත් එවැනි තර්ජනයක් ලංකාවටත් ඇති බව අර්ථ කථනය කරමින් ප්‍රකාශ කල බවත්” සඳහන් කරමින් එම නිසා මුස්ලිම් ආගමිකයින්ට බරපතල ලෙස අපහාසාත්මක සහ නින්දාකාරි ලෙස ප්‍රකාශ කළා යැයි චෝදනා කරමින් පැමිණිල්ල ඉදිරිපත් කල අංක 17/12 ඒ, කර්ල්ෂු ගාඩ්න්, බොරැල්ල, කොළඹ 08 ලිපිනයේ පදිංචි මොහොමඩ් මෂුඩ් මොහොමඩ් රිකාෂ් නමැති පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සැක පිට මේ වනවිට අත්අඩංගුවේ සිටින බව වාර්තා වෙනවා.

මොහොමඩ් මෂුඩ් මොහොමඩ් රිකාෂ් නැමැත්තා බොරැල්ල මුස්ලිම් පල්ලියේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර ඔහු විසින් අත්තනෝමතික ලෙස සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ විරෝධය ද නොතකමින් එම පල්ලියේ නම ද වෙනස් කිරීමට කටයුතු කල බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ත්‍රස්තවාදය නැවත හිස එසවීමේ අවදානමක්.. කිලිනොච්චියෙන් බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කරයි

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට

colombotoday

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

GSP+ ලබා දීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

colombotoday

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

colombotoday