Colombo Today Local News

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

හෙට (07) දිනයේ දී නිකුත් කිරීමට නියමිත පීසීආර් පරීක්ෂණ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව ඉදිරි පැය 48 ඉතාමත් තීරණාත්මක වන බව ද අමාත්‍යවරයා අද (06)දින උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020-10-11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් රජය තීරණය කර තිබිණි.

මිනුවන්ගොඩ ඇඟලුම් ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 321 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර, තවදුරටත් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලබයි.

මේ වන විට 2000කට ආසන්න සංඛ්‍යාවක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, එම ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව විභාගයන් පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි අමාත්‍යාවරයා සඳහන් කළේය.

Related posts

සරුංගල් යැවීමට වත්තකට ගිය සිසුවකුට මුරකරු වෙඩි තියලා

colombotoday

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday

20ට එරෙහි පෙත්සම නාගහනන්ද කොඩිතුවක්කු ඉල්ලා අස්කර ගනී

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

ජවිපෙ අපේක්ෂකයෙකුගේ මෝටර් රථයට ගිනි තබයි

colombotoday

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

colombotoday