Colombo Today Local News

විදේශ ගමන් බලපත්‍ර 88ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට – සැකකරු පොලිස් භාරයෙන් මිදියාම අල්ලස ලබාදීමට උත්සහ කරලා

දෙහිවල පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000ක අල්ලසක් ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ පුද්ගලයින්ට අයත් ගමන් බලපත්‍ර 88ක්, ජාතික හැඳුනුම්පත් 26ක් සහ රියදුරු බලපත්‍ර 03 ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දෙහිවල පොලිස් අපරාධ අංශය විසින් සැකකරු ඊයේ (04) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයෙන් මිදියාම සඳහා සැකකරු විසින් දෙහිවල පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට එම අල්ලස ලබාදීමට උත්සහ කර ඇත.

සැකකරු අද (05)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

Related posts

සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නවා – අගමැති කියයි

colombotoday

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday

සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමේ සුදානමක්

colombotoday

කිසිම ත‍්‍රස්තවාදියකුට නිදැල්ලේ සිටීමට ඉඩ දෙන්නේ නෑ – යුද හමුදාපති

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදය පැවති හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා

colombotoday

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin