Colombo Today Local News

ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාචික නියෝගන් චක්‍රලෙක ලෙස සලකා කටයුතු කිරීම ඉතා අනතුරුදායක බව සමගි බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

ඒ ආකාරයෙන් කටයුතු කලහොත් එය අනාගතයේ දී වැරදි පූර්වාදර්ශයක් වූ ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරියේ තම පක්ෂය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව ඔහු සඳහන් කළේය.

නායකයන් රටේ ප්‍රශ්න වලට මැදිහත් වීමේ දී පවතින නීතිමය රාමුව තුළ කටයුතු කළ යුතු බවද ඔහු පවසයි.

චක්‍රලේඛ, නීති රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි ආදියේ වරදක් ඇත්නම් සාකච්ඡා කර ඒවා නිවැරැදි කරගත යුතු බවත් එසේ නැතිව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් නීතියක් බවට පරිවර්තනය වීම වැරදි බවත් ඔහු කියා සිටියේය.

Related posts

නදීමාල් පෙරේරා ලංකාවට පිටුවහල් කරයි… ආ සැනින් CID අත්අඩංගුවට…

colombotoday

“එජාපය සමග තවත්නම් දීග කනු බෑ.. අපේ අදහස් ගැළපෙන්නෑ“ – එස් බී

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

colombotoday

රේගුව අකුරට වැඩ

Admin

දයාසිරි මහින්දගෙන් සමාව ගත්තා. ජනාධිපතිවරණයට මෛත්‍රී හෝ ගෝටා – ඩිලාන්

colombotoday

ඡන්දේ දුන්න විශ්‍රාමිකයන්ට ස්ථාවර තැන්පතු රැඳවුම් බද්දක්

Admin