Colombo Today Local News

හැංගි මුත්තන් කල වේදෙනිගම විමලතිස්ස හිමිට විරුද්ධව අපේ ජන බල පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග – පක්ෂ සම්මේලනයේදී අනුමතයි

අපේ ජන බල පක්ෂයේ මහා සම්මේලනය අංක 615, නාවල පාර, රාජගිරිය, ශ්‍රී සද්ධර්මරාජික විහාරයේදී අද (20) දින පැවැත්විණි.

එහිදී අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි විසින් පක්ෂයට ලැබුණු මන්ත්‍රීධූරය සඳහා වංචනිකව ඒ හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට කටයුතු කිරීම හේතුකොටගෙන ඒ හිමියන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් ඉවත්කළ යුතු බවට වන යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

අපේ ජන බල පක්ෂයට හිමිවී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිමි විය යුතු බවත් ඒ සඳහා පක්ෂ සභාපති සමන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු ඉල්ලා අස් වී පුරප්පාඩුව සඳහා ඥානසාර හිමියන්ව නම් කිරීම කලයුතු බවටත් වන යෝජනාවක් ද මෙම සම්මේලනයේදී සම්මත විය.

Related posts

ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵලයි. – හිටපු ජනාධිපති

colombotoday

අද සහ හෙට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

colombotoday

දෙසැම්බර් 31ට පෙර හමුදාව භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි ජනපති නියෝග කරයි

colombotoday

“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමති

colombotoday

දෑත් බැද මොට ආයුධයකින් පහරදී කුවේට්හිදී ලාංකික මවක් ඝාතනයට ලක්වේ

colombotoday