Colombo Today Local News

නුවරඑළියේ නිරෝධායන මද්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මිය යයි

නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ ජා-ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුබ්‍රමණියම් ආනන්දකුමාර් (56) නැමැති එක්දරු පියෙක්.

ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් අංශයේ නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සිටියදි කොවිඩ්- 19 වෛසරය පැතිර යාමේ අවධානමට ප්‍රථම මොහු රැකියාවෙන් ඉවත් වී දිවයිනට පැමිණිමේ අපෙක්ෂාවෙන් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට තිබේ.

දිවයිනට පැමිණීමට ගුවන් පහසුකම් නොමැති නිසා ඉකුත් 01 වැනි දින දිවයිනට පැමිණ ඇති සුබ්‍රමණියම් ආනන්දකුමාර් නුවරඑළිය පිහිටි තරු පහේ සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර ඇත.

සුබ්‍රමණියම් ආනන්දකුමාර් හදවත් රෝගී සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත් ඔහු දිවයිනට පැමිණිමට ප්‍රථම ඔහුගේ පාදයක තිබු තුවාලයකට විෂබීජ ඇතුල් වීම නිසා ඉකුත් 02 වැනි දින නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර සිටියදී මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇති බවයි අනාවරණය විය.

මිය ගිය සුබ්‍රමණියම් ආනන්ද කුමාර්ගේ අවසන් කටයුතු පවුලේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් අද (07) දින නුවරඑළිය නාගරික ආදාහනාගාරයේදි කොවිඩ් -19 වැළදුණු රොගියෙකු ආදාහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑළිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් සිදු කරන්නට පියවර ගෙන ඇත.

ඉකුත් මස 31 සහ මේ මස 01වැනි දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 389 දෙනෙකු නුවරඑළිය නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටල් තුනක නිරෝධානයට යොමු කර ඇති අතර ඉන් දෙදෙනෙකු කොවිඩ් -19 වෛසරය අසාධනය වි ඇති නිසා එම රෝගීන් දෙදෙනා අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබේ.

Related posts

නාම යෝජනා සඳහා ගෝඨා අත්සන් තබයි

colombotoday

දේශප්‍රේමී රණවිරුවෙකුට දඩුවම් කිරීම කෙතරම් දේශද්‍රෝහි ක්‍රියාවක්ද.. හිටපු ඇමති විජේදාස රණවිරුවා වෙනුවෙන් පෙරට

colombotoday

ජපාන යුධ නැව් දෙකක් කොළඹ වරායේ නැංගුරම් දමයි…

colombotoday

දඹුල්ලේදී තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

“මා නිර්දෝෂයි” විශේෂ ප්‍රකාශයක් කරමින් රවී ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි (Video)

colombotoday

හකීම්ගේ සහ බදුර්දින්ගේ ජාතිවාදයට එරෙහිව “මුස්ලිම් හඩ” සංවිධානයෙන් මාධ්‍ය හමුවක්

colombotoday