Colombo Today Local News

ගිනි ගත් නෞකාව නිරීක්ෂණයට විශේෂඥ කණ්ඩායම් දෙකක්

“නිව් ඩයමන්ඩ්” නෞකාවේ ගින්න පිළිබද සොයාබැලීම සඳහා තවත් විශේෂඥයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ඊයේ (06)දින රාත්‍රී මත්තල ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම නාවික හමුදාව විසින් කල්මුණේ දක්වා රැගෙන ගොස් අනතුරුව නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදාගනිමින් අපදාවට පත් නෞකාව වෙත රැගෙන යාමට නියමිතය.

මේ අතර ඊයේ දිනයේ දිවයිනට පැමිණි විශේෂඥයින් කණ්ඩායම අද (07)දින ආපදාවට ලක් වු නෞකාවට ගොඩබැසීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් ඊයේ පස්වරුව වන විට “නිව් ඩයමන්ඩ්” නෞකාවේ හටගත් ගින්න සම්පුර්ණයෙන් ම පාලනය කිරිමට පියවර ගෙන තිබුණි.

එහෙත් ඊයේ රාත්‍රියේ අවස්ථා දෙකක දී සුළු ගිනි ගැනීම් තත්ත්වයක් හටගෙන ඇති අතර ඒවා ද මේ වන විට පාලනය කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

Related posts

ඇරියස් වාහන බලෙන් උස්සන්න බැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

අපේ වෘත්තීය සමිති ටික විසුරුවලා දානවා

Admin

අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර ළිඳකින් හමු වෙයි

Admin

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාලව තවත් ආසාදිතයින් 51ක්

colombotoday

ගෙලිඔය ඉන්ධනහලට ආ ඩීසල් බවුසරයේ වතුර… බවුසරය හරවා යවයි

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ට එරෙහි නඩුව කල්යයි

Admin