Colombo Today Local News

හන්තාන ඉඩම මගේ.. ඒ නිසා මා එළි පෙහෙලි කලා – ලක්ෂ්මන් කිරිඇල්ල

පසුගිය දා එළිපෙහෙලි කළ හන්තාන ඉඩම වැවිලිකරුවෙකුගෙන් තමා සින්නක්කරව මිල දී ගත් ඉඩමක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එම ඉඩම අක්කර 8ක් පමණ වේ.

සිය අත්සනින් යුතුව “හන්තාන ඉඩම පෞද්ගලික අයිතිය ඇති ඉඩමකි.” යන ශීර්ෂපාඨයෙන් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

අදාළ ඉඩම ලියාපදිංචි කිරීමේ කාර්යාල ලේඛනවල පැහැදිලිව සඳහන් වන බවත්, එහි අයිතිය ප්‍රාදේශීය සභාවේ ද ලියාපදිංචි වී ඇතැයි ද සඳහන් කරන මන්ත්‍රීවරයා එම ඉඩම රජයට අයත් ඉඩමක් නොවන බව අවධාරණය කර තිබේ.

මීට පෙර තේ හා ගම්මිරිස් වගා කර තිබු අදාළ ඉඩමට ඇතුළුවීමට තිබු අපහසුතාවය හේතුවෙන් උසට වැඩී තිබු තණකොළ ඉතා සැලකිල්ලෙන් අඩු කළ බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඉඩමේ හිමිකරු වශයෙන් තමාට එයට අයිතියක් ඇතැයි ද සඳහන් කර තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ:

Related posts

වැලිකන්ද මුතුවැල්ලේ දී බසයක් පෙරැලී 30ක් රෝහලේ…

Admin

පාරම්පරික නිජබිම් පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට එරෙහි ආදිවාසී නායකයන් ගොනුකල පෙත්සමට දින නියම වෙයි

colombotoday

චීනයෙන් රුපියල් බිලියන 16ක්

colombotoday

කුවේට්හීදි කතක් මිය යයි – ඇය හඳුනනවානම් ඉක්මණින් දැනුම් දෙන්න

Admin

වැල්ලවත්ත වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

LTTE සොහොන් බිම් එළි පෙහෙළි කරයි… කොටි මහවිරු සමරුවට උතුර සූදානම්…

colombotoday