20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (02)දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරු 04.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වේ.
මේ අතර, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (01)දින සඳහන් කළේය.