Colombo Today Local News

“පුද්ගලික උත්සවවලට ආරාධනා කරන්න එපා.” ජනපතිගෙන් ඉල්ලීමක්

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වය දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය බවසයි.

“ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවනට සහභාගිවීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එතුමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.”

ජනාධිපති රාජපක්ෂ මහතා කෙරෙහි ඇති ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝදෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවනට එක්වන ලෙස එතුමාට ඇරයුම් කරති යනුවෙන්ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 “ජනතාව තමා කෙරෙහි ඇති මේ බැඳීම එතුමා මහත් සේ අගය කරයි. එසේ වුවද නිල කටයුතුවලින් බැහැර තමාට ලැබෙන හැම පැයම ජනතාවගේම අභිවෘද්ධිය පිණිස කැප කිරිමට ජනාධිපතිතුමා අදිටන් කරගෙන සිටී.”

Related posts

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

colombotoday

ඵල ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන ජලය ජනපති, උතුරට – නැගෙනහිරට හරවයි

colombotoday

රාජ්‍ය ඇමති වික්‍රමනායකට වරෙන්තු !

colombotoday

“රතන හිමි අපට හිරිහැරයක්.. මන්ත්‍රී ධුරය අයිති හෙළ උරුමයටයි“ – චම්පික

colombotoday

තැපැල් සේවක වර්ජනය අදත්

colombotoday

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin