Colombo Today Local News

මත්ස්‍ය ආනයන වියදම් සීමා කිරීමට අංශ කිහිපයක් යටතේ සැලසුම් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට පැතිකඩ කිහිපයකින් සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රට වටා ඇති මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ඵල ගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තය පත්විය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (27)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයින් අභිජනනය කර අපනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව ද මෙහිදී සාකච්ඡාවට ලක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර ප්‍රතිඅපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ සොයා බලන ලෙස ජනාධිපතිවරයා එහිදි නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබේ.

Related posts

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday

බොදු බල සේනා තරුණ සමුළුව – සජීවී විකාශය

colombotoday

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළට

colombotoday

මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලන්න පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday