Colombo Today Local News

කම්කරු අණ පනත් රැසකට සංශෝධන

කම්කරු අණ පනත්වල තිබු දුර්වලතා ඉවත් කරමින් අණ පනත් රැසකට සංශෝධන ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, සේවක අර්ථ සාධක අරමුදල් පනතට අදාළ දායක මුදල් නොගෙවීමේ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට එම පනත සංශෝධනය කරන බවත්, කම්කරු විනිශ්චය සභා ලබා දෙන නියෝග එම කම්කරු විනිශ්චය සභා තුළින්ම බලාත්මක කිරීමේ නීති සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම පාරිතෝෂිත දීමනා පනත ද සංශෝධනය කරමින් එම ගෙවීම්වලට අදාළ නඩු ද කම්කරු විනිශ්චය සභාවට යොමු කෙරේ.

ඊට අමතරව පඩි පාලක සභා ආඥා පනත, සාප්පු හා කාර්යාල සේවක පනත සහ 2016 අයවැය දීමනා පනත යටතේ වන අයකර ගැනීමේ නඩු ද කම්කරු විනිශ්චය සභාවලට පැවරීම ද අදාළ නීති සංශෝධන ඉතා ඉක්මණින් ගෙන එන බවත් ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එසේම වෘත්තීය සමිතිවල සහ කම්කරු ජනතාවගේ දිගු කාලීන ඉල්ලීමක් වූ සේවක වන්දි ආඥා පනත යටතේ දැනට ගෙවනු ලබන රුපියල් 550,000.00ක වන්දිය, රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කිරීමටත් එම වන්දි නඩු ද විභාග කිරීමේ බලය කම්කරු විනිශ්චය සභා වෙත පැවරීමට අදාළ සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම පනත් සංශෝධන කෙටුම්පත් සතියක් ඇතුළත අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබා දෙන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබේ.

Related posts

ලාල් කාන්ත ප්‍රදර්ශනයට තියන්න යන දේ

Admin

පාර්ලිමේන්තුව රැස් වේ!

colombotoday

ජනාධිපතිගේ පළමු පත් කිරීමම විශ්වාසය බිඳෙන සුළුයි

Admin

හිටපු මන්ත්‍රීට තඩිබෑ රෝසිගේ නෑයා රිමාන්ඩ්.. රෝසිගෙන් අධිකරණයටත් බාධා !

colombotoday

හිංදු විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරුන්ට අන්තවාදී ඇඳුම්. සිද්දිය පිටුපස ත්‍රිකුණාමලයේ මුස්ලිම් දේශපාලකයෙක්

colombotoday

සමලිංගික පෙම දෙදරයි, “පෙම්වතාට” පිහියෙන් ඇන “පෙම්වතා” වස බොයි

colombotoday