Colombo Today Local News

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කොටුවෙයි

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු එප්පාවල ඉහළ හල්මිල්ලෑව ප්‍රදේශයේදී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ එප්පාවල පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත පසුගිය දා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙදී මෙම පුද්ගලයා ස්ත්‍රී දුෂණයක් සිදු කිරීම, පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීම හා තවත් අපරාධයන් 18ක් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවට අනාවරණය වි ඇත.

පොලිස් බාරයට ගත් මොටර් රථය අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරී කණ්ඩායමක් විසින් වැඩි දුරටත් පරීක්ෂාවට ලක්රක ඇති අතර එහිදි කාර් රථය තුළ සූක්ෂමව සඟවා තිබු විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, මැගසින් එකක් හා පතරොම් 3ක් සොයා ගෙන තිබේ.

සැකකරු ගෝනහේන, වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

අයි.එම්.එෆ්. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවා

Admin

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ජනපතිගේ අවසන් බලාපොරොත්තුව සුන්වෙයි !

colombotoday

ත්‍රිකුණාමලය ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

colombotoday

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin