Colombo Today Local News

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයෙන් සිංහල ජාතියට අවමන් වුණා – ආචාර්ය සරත් වීරසේකර කියයි

විග්නේශ්වරන් හා ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රිවරුන් දෙදෙනා පළමුව දිවුරුම් දුන්නේ මුල්ලිවයික්කාල් සොහොන් පිටියේ බව වාර්තා කර තිබුණු බවත් විග්නේශ්වරන් පාර්ලිමේන්තුවේ කළ ජාතිවාදී ප්‍රකාශයෙන් සිංහල ජාතියට අවමන් කර තිබූ බවත් පළාත් පාලන රාජ්‍ය ඇමැති ආචාර්ය සරත් වීරසේකර පැවසිය.

විග්නේශ්වරන් කියන ජාතිවාදී දේශපාලනඥයා ජාතිවාදී ප්‍රකාශය කළේ නව කථානායකට පක්‍ෂ නායකයන් සුබාසිංශන පිරිනමන අවස්ථාවේදීයි.

ඒ අවස්ථාවේදී මම නැඟිට ඊට විරුද්ධ වීමට උත්සාහ කළත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පටහැනි නිසා එයට අවස්ථාව නැතිවූ බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී කතා කිරීමට අපේක්‍ෂා කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පිළියන්දල දිසා රෝහල නිරීක්ෂණ චාරිකාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ප්‍රකාශ කර සිටියා.

එසේම විසි වැනි සංශෝධනය ගෙන ඒමේ අපේක්‍ෂාව රට අරාජික කළ, රාජ්‍ය සේවය අකර්මණ්‍ය කළ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ගේ බළල් හස්ත මෙහෙය වූ 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට බවත් ඔහු සඳහන් කළා.

Related posts

පාර්ලිමේන්තු ගැලරිය අද මහජනතාවට තහනම්

colombotoday

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday

අනුර කුමාර නිල සංචාරයකට ඉන්දියාවට

Admin

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති-අගමැති හදිසියේ හමුවෙයි….

colombotoday

විදේශිකයන්ටත් මෙහෙ ඇවිත් ආගම, සංස්කෘතිය ප්‍රචාරයට අවසර.. නව ව්‍යවස්ථා නිර්දේශ මෙන්න

colombotoday

අදත් ඇඳිරි නීතිය පනවයි

colombotoday