Colombo Today Local News

සම්පායෝ යළි රිමාන්ඩ්

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම නිලධාරීන් අද (18)දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා පසුගිය 02 වන දා පොලීසියට භාර වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහු අගෝස්තු 4 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Related posts

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

colombotoday

පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතකයින් සොයා විමර්ශන

colombotoday

ඩෙල්ටා බෝම්බය පුපුරලා අවසන්.. රනිල් යුද හමුදාව විවේචනය කරන්නේ එයට ඇති බිය නිසා

colombotoday

දිස්ත්‍රික්ක 10කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

බැඳුම්කර ලාභයෙන් කොටසක් ඇලෝසියස්ගේ අරක්කු සමාගමට !

colombotoday

ක්‍රීඩා ඇමති අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහි නඩුව හෙටට කල්යයි

Admin