Colombo Today Local News

මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කොවිඩි නයින්ටීන් වසංගත තත්ත්වය නිසා ඇති වූ සීමාවන් හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබන 03 වනදා තෙක් දීර්ඝ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට ඉල්ලීම් ලැබී තිබුණි.

නමුත් පවතින නීතිමය බාධා හා විවිධ පාර්ශව විසින් එල්ල කළ විරෝධතා හේතුවෙන් ප්‍රචාරණ කාලය දීර්ඝ කිරීමට නොහැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

හෙට මධ්‍යම රාත්‍රි 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

Related posts

මීගමුව බන්ධනාගාරයට හොරබඩු විසිකළ කත අල්ලයි

colombotoday

තාරකා දෙකක් ගැටීමෙන් විශ්වයම සෙළවෙයි.. ඊයේ වූ මහ පිපිරුමට හේතුව මෙන්න (Video)

colombotoday

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

රුවන්වැලි මහා සෑය අසල අභිරහස් කැණීමක්! පිටස්තර පුද්ගලයන්ට තහනම් කළාපයක්

colombotoday

“අන්තවාදියෝ, කුමන්ත්‍රණකාරයෝ…“ සාලිට, බදුර්දීන්ට ජනපති කාර්යාලයෙන් දොස් !!

colombotoday