Colombo Today Local News

එජාපය පිරිහුනේ සජිත් ප්‍රේමදාස නිධන් කඩපු නිසා..රට පුරා පන්සල් වල නිදන් හෑරුවා.. ඕනෑම ආණ්ඩුවක සජිත් වගේ මන්ද බුද්ධික චරිත ඉන්නවා..

එක්සත් ජාතික පක්ෂයත් පිරිහුනේ සජිත් ප්‍රේමදාසගේ නිදන් වස්තු සෙවීම නිසා. එහෙව් අය තමයි අද අගමැති සිහින දකින්නේ. ඔබ දන්නවා ඕනෑම ආණ්ඩුවක මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ මන්ද බුද්ධික චරිත ඉන්නවා. මේ මන්ද බුද්ධිකයෝ කරන දේවල් වලට රජය වගකියන්න ඕන නෑ යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල ආසනයේ පොදුජන පෙරමුණ අපේක්ෂක ජයරත්න හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ මාවතගම වැවගෙදර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජයරත්න හේරත් මහතා කියා සිටියේ, තමුන්නාන්සේලා හැමෝටම වගකීමක් තියනවා . ඒ තමයි පාර්ලිමේන්තුවට ශීලාචාර මන්ත්‍රීවරුන් පත්කිරීම. පසුගිය යහපාලන ආණ්ඩුව අපෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදුරගත්තා. ඒ ඇතිවුන දේශපාල සුළිසුළගේ කුණාටුව සමග අපට අලුත් පක්ෂයක් එක්ක අපේ දේශපාලන ගමන ආරම්භ කරන්න වුනා. අපට තියන අභියෝගය තමයි ජනධිපතිතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා දෙන එක. එතුමාගේ පස් අවුරුදු ධූර කාලය වෙනුවෙන් අගෝස්තු 5 වෙනිදා මේ මැතිවරණයේදී කුරුනෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔබගේ දේශපාලන වගකීම සනිටුහන් කරන්න. ඒ වගේම මේ මාවතගම ප්‍රදේශය අද විශාල වශයෙන් සංවර්ධනය වෙලා තියනවා. ඔබගේ ගම් ප්‍රදේශය අද පවතින විදියට සංවර්ධනය කරන්න දිවංගත ඩී. පී. වික්‍රමසිංහ හිටපු අමාත්‍යතුමා අතිමහත් සේවයක් කළා. අපි එතුමාව ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

අද මාවතගම ප්‍රදේශය වෙනුවෙන් ඉන්නවා අශෝක ප්‍රේමදාස මැතිතුමා . එතුමාට ඉදිරියේදී පළාත් සභා මැතිවරණයේදී විශාල සහයෝගයක් ලබාදීමට අපි කටයුතු කරනවා. අපි එතුමාව හුදකලා කරන්නේ නෑ. අපේ දිස්ත්‍රික්කයේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපට යුද්ධය දිනවලා දුන්නා. එතුමා තමයි අපට කොන්දක් තියන ගෝඨාභය රාජපක්ෂ මහත්තයව දුන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාගේ දැක්ම ඉදිරියට තහවුරු කිරීම අපේ වගකීම සහ බලාපොරොත්තුවයි. අභ්‍යන්තර දේශපාලන මතවාද අද කුරුණෑගලත් තියනවා. එයට හේතුව තමයි සුදුස්සාට සුදුසු තැන නොදීම. මේ වෙලාවේ ඉතාම ශීලාචාර පුද්ගලයන් තෝරලා දූෂණය වංචාව හෙලා දැකපු නායකයන් තෝරන්න ඔබ තමුන්නාන්සේලාට වගකීමක් තියනවා. අද දොඩම්ගස්ලන්දේ විමලදාස මැතිතුමා අපට සහයෝගය දෙනවා. එතුමාටත් සහය ලබාදීම ඔබගේ යුතුකමක්.

අපි මේ ආණ්ඩුව හදාගත්තේ ගොඩක් දුක් මහන්සි වෙලා. අපි වමේ දේශපාලනයට සම්බන්ධ මිනිස්සු . අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ. සජිත් ප්‍රේමදාස කියන්නේ හිටපු නිවාස සංවර්ධන අමාත්‍යවරයා. එයාලාට අපේ පොළොව යට නිදන් ගැන පුදුම ආදරයක් තිබුණා. රජ කාලේ නිදන් කරලා තිබුණු කලා වැව විජිතපුර ප්‍රදේශයේ පුරා වස්තු ඩෝසර් කළා. ඒ වගේම රට පුරා පන්සල් වල නිදන් වස්තු හෑරුවා. මේ සිද්ධි රටේ ආන්දෝලනයට පත් වුණා. එක්සත් ජාතික පක්ෂයත් පිරිහුනේ සජිත් ප්‍රේමදාසගේ නිදන් වස්තු සෙවීම නිසා. එහෙව් අය තමයි අද අගමැති සිහින දකින්නේ. ඔබ දන්නවා ඕනෑම ආණ්ඩුවක මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ මන්ද බුද්ධික චරිත ඉන්නවා. මේ මන්ද බුද්ධිකයෝ කරන දේවල් වලට රජය වගකියන්න ඕන නෑ. මෙවැනි මන්ද බුද්ධිකයන්ගේන් තොර ජනතා නියෝජිතයන් ඉන්න පාර්ලිමේන්තුවක් හදන්න සහය දෙන එක තමයි ඔබගේ වගකීම. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන විශ්වාසය තබාගෙන අගෝස්තු පස්වෙනිදට තමන්ගේ යුතුකමේ මනාපය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වෙනුවෙන් ඉටු කරලා වැදගත් පාර්ලිමේන්තුවක් හදන්න දායක වෙන්න.

මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොඩම්ගස්ලන්ද ආසන සංවිධායක ආර්, ඩී. විමලදාස, හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක ප්‍රේමදාස, ආසන සම්බන්ධීකරවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Related posts

කොටි සැමරුමට ඉඩ ඉල්ලූ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේපයි.

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස උපරිමයි.. “ඔබට සතුටුයිද දැන්” – මරික්කාර් අසයි

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව මියන්මාර් හමුදා මෙහෙයුම් නතර කරන්න… මඩකලපුවේ උද්ඝෝෂණ

colombotoday

අමාත්‍යධූරයෙන් නෙරපා අලි සබ්‍රි අත්අඩංගුවට ගතයුතුයි | උලපනේ සුමංගල හිමි

colombotoday

අගමැති රනිල් රටටම ආදර්ශයක්.. කොමිසමට යන්නේ ස්වකැමැත්තෙන්මයි !

colombotoday

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday