Colombo Today Sports News

අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට කුසල් මෙන්ඩිස්ව නම් කරයි

විස්ඩන් ක්‍රිකට් සඟරාව මගින් නම් කළ වයස අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ඇතුළත් වී තිබේ.

මෙම ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් ව ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ කුසල් මෙන්ඩිස් ය.

සුප්‍රසිද්ධ විස්ඩන් සගරාවේ සංස්කාරක මණ්ඩලය විසින් වයස අවුරුදු 25 හෝ ඊට අඩු වයස් කාණ්ඩයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් පසුගිය දා නම් කරනු ලැබීය.

එම කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙස ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්ව නම් කර තිබීම විශේෂත්වයක්.

මෙන්ඩිස් 2016 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 176 විස්ඩන් සඟරාව නම් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තා කළ හොඳම ටෙස්ට් ඉනිම අතරින් එකක් ලෙසය.

එමෙන්ම නවසීලන්තයට එරෙහිව 2018 වසරේ නොදැවි ලකුණු 141ක් රැස්කිරීම සහ දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවි ලකුණු 84ක් රැස් කිරීම ඇතුළු දක්ෂතා හේතුවෙන් කුසල් මෙන්ඩිස්ව මෙම කණ්ඩායමට නම් කළ බව විස්ඩන් සඟරාව පවසයි.

ඒ අනුව විස්ඩන් සඟරාව නම් කළ පාකිස්තානයේ බාබර් අසාම් නායකත්වය දරන එම ටෙස්ට් කණ්ඩායම පහතින් දැක්වේ.

ඒඩන් මාක්‍රම් – දකුණු අප්‍රිකාව
ඩොම් සිබ්ලි – එංගලන්තය
කුසල් මෙන්ඩිස් – ශ්‍රී ලංකාව
බාබර් අසාම් – පාකිස්තානය (නායක )
ඔලී පොප් – එංගලන්තය
රිෂාබ් පාන්ට් – ඉන්දියාව (කඩුළු රකින ක්‍රීඩක )
සෑම් කරන් – එංගලන්තය
රෂිඩ් ඛාන් – ඇෆ්ගනිස්තානය
ජොෆ්රා ආචර් – එංගලන්තය
කැගිසෝ රබාඩා – දකුණු අප්‍රිකාව
ෂහීන් අෆ්රිඩි – පාකිස්තානය

Related posts

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද

colombotoday

අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිළි කිරීම

colombotoday

20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පෙරහුරු තරගය අද

colombotoday

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

colombotoday

අරුණ දර්ශනගේ අවසන් පූර්ව වටය අද

Admin