Colombo Today Local News

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

යාපනය දිස්ත්‍රීක්කයේ ගෙවල් මංකොල්ලකෑම් ඇතුලු අපරාධයන් රැසකට සමබන්ධ පොලීසිය විසින් සොයමින් සිටි සැකකරුවෙකු අත්බෝම්බයක්ද සමගින් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

අදාල සැකකරු යාපනය කෝපායි පොලිස් වසමේ සැඟව සිටියදී යාපනය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරු සැඟව සිටින ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පොලීසිය විසින් සැකකරු සිටි ස්ථානය පරික්ෂා කිරීමේදී අපරාධ සිදු කිරීම සඳහා යොදා ගත් උපකරණ කිහිපයක් සමගින් රත්තරන් හා සඟවා තිබූ අත්බෝම්බයක්ද සොයාගෙන ඇත.

පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ අපරාධ ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවන් රැසකට අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ බවට සැකපල කරන අතර සැකකරු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පවසයි.

Related posts

මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩී යයි

Admin

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

colombotoday

රන්ජන් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

මවක් 14 හැවිරිදි දිය­ණි­යට වඳ සැත්ක­මක් කර තරු­ණ­යකු සමඟ නිවෙසේ ජීවත් වෙන්න ඉඩදීලා

colombotoday

විමල් අද ඇමතිකමක දිවුරයි… ලැබෙන ඇමතිකම මෙන්න…

colombotoday