World

චීනයේ වසාදැමුණු සිනමා ශාලා යළි විවෘත කිරීමේ සූදානමක

කොවිඩ් හමුවේ වසාදැමුණු සිනමා ශාලා යළි විවෘත කිරීමට චීනය සූදානම් වේ.

ඒ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු චීනයේ සිනමා ශාලා ලබන සතියේ සිට නැවත විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.

නව ආසාදිතයන් වාර්තා වීම අඩු වෙමින් දෛනික කටයුතු ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් සිනමා ශාලා විවෘත කිරීමට චීන රජය අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිනමා ශාලා විවෘත කිරීමට අවසර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආසන ධාරිතාවෙන් සියයට 30ක පමණ පිරිසකට සිනමා ශාලා තුළට පිවිසීමට අවසර හිමිවන අතර මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍ර කරගෙන කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වන්නේ පසුගිය වසරේ අග භාගයේ දීය.

අනතුරුව වසාදැමුණු එරට සිනමා ශාලා යළි විවෘත කෙරෙන්නේ මාස 6කට පසුව බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මොඩර්නා එන්නතට WHO අනුමැතිය

colombotoday

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

colombotoday

ඉරානයෙන් 90%ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයට

Admin