World

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

දකුණු ආසියාව තුළ කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමට ලක් වූ ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව අද (17)දින මිලියනය ඉක්මවා ගියේය.

එහි වාර්තා වී ඇති මරණ ගණන 25,619 කි.

වසංගතය ව්‍යාප්තවෙමින් පැවතියද, කාශ්මීරයේ අමර්නාත් පුදබිම වෙත යෑම සඳහා හින්දු බැතිමතුන්ට බලධාරීන් විසින් අවසර ලබාදී තිබේ.

මේ අතර කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ආර්ථික වර්ධනයක් ‍කරා ළඟා වන පළමු රට බවට, වෛරස ව්‍යාප්තිය ආරම්භවූ චීනය පත්ව තිබේ.

සමස්ත ගෝලීය ආසාදිතයන්ගෙන් 3,690,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි.

ඊයේත් එරටින් ආසාදිතයන් 72,000කට වැඩි පිරිසක් හඳුනා ගැණුනි.

වසංගතයෙන් ලොව දෙවනිවට වැඩිම බලපෑම් එල්ල වී ඇති බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව අද ලක්ෂ 20 ඉක්මවා ගියේය.

එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 76,822කි.

මේ අතර කොවිඩ් එන්නත් නිපදවීම සඳහා වන පර්යේෂණවලට අදාළ තොරතුරු සයිබර් ප්‍රහාර ඔස්සේ සොරකම් කිරීමට රුසියාව උත්සාහ කරන බවට එක්සත් රාජධානිය, අමෙරිකාව සහ කැනඩාව චෝදනා කරයි.

රුසියානු බුද්ධි සේවයට සම්බන්ධ ‘කෝසි බෙයාර්’ යනුවෙන් හඳුන්වන පරිගණක හැකර්වරුන් මේ පිටුපස සිටින බවට සැක පහළ වී ඇති බව වාර්තා වේ.

මේ අතර පර්යේෂණ මට්ටමේ පවතින කොවිඩ් එන්නතකින් ඖෂධ මාත්‍රා මිලියන 30ක් මේ වර්ෂය තුළ දී නිපදවීමට රුසියාව සැලසුම් කර තිබේ.

Related posts

පාසල් සහ දේවස්ථානවලින් සොරාගන ISIS ත්‍රස්තයන්ට මුදල් යැවූ පිරිසක් ජර්මනියෙන් හසුවේ.

colombotoday

නයිජීරියාවට බෝකෝ හරාම් මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයක් – 32ක් මරුට, 80ට බරපතලයි

colombotoday

අමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසදිතයා වාර්තා වෙයි

colombotoday

ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !

colombotoday

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

colombotoday

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූ චලනයක්

colombotoday