Colombo Today Local News

පෞද්ගලික ආයතවලින් ඡන්දයට නිවාඩු දෙන්නේ නැතිනම් අපිට කියන්න – කැෆේ කියයි

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෞද්ගලික ආයතවලින් නිවාඩු ලබාගැනීමේදී මතුවන ගැටලු ඇත්නම් පැමිණිලි කරන්නැයි “කැෆේ සංවිධානය” ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානයේ පැමිණිලි ඒකකය විසින් ඊට අදාළ පැමිණිලි බාරගන්නා බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කරයි.

අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එලෙස ලැබෙන පැමිණිලිවලට විසදුම් ලබාදීමට කටයුතු කර බව ද ඒ මහතා පවසයි.

සෑම මැතිවරණයදීම බොහෝ පෞද්ගලික ආයතන සිය සේවකයින්ගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පෙන්වා දෙමින් ඔහු කියා සිටින්නේ මෙය බරපතළ තත්ත්වයක් බවය.

නිසි පරිදි මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව එක් එක් සේවකයා පදිංචි ප්‍රදේශය අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාගැනීම සේවක අයිතියක් බවත් එලෙස නිවාඩු ලබාදීමට ආයතන ප්‍රධානීන් බැදී සිටින බවත් ඒ හෙතෙම පෙන්වා දුන්නේය.

Related posts

දිනකදී මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්

colombotoday

සයිටම් ගැටළුවට ජනපතිගෙන් කමිටුවක් !

colombotoday

දුම්රිය අංගනවල ඇති පරණ යකඩ ටෙන්ඩර් ක්‍රමයට විකුණන්න උපදෙස්

colombotoday

සංවර්ධනය කියලා හැම නායකයෙක්ම පරිසරය වනසනවා. | ආදිවාසී නායකයා කියයි.

colombotoday

ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමේ වැඩ අවසන්…

colombotoday

රනිල්ට රාජිතට චම්පිකට සිද්ධ වෙන්නේ මුහුදේ පනින්න – වාසුදේව නානයක්කාර

colombotoday