Colombo Today Local News

රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ටිපරයක හප්පා පලායයි

හක්මන පොලිස් වසමේ, කෝංගල 13 කණුව පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු ටිපර් රථයක් යටකර පලාගොස් ඇති අතර එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ඊයේ (13)දින රාත්‍රී 11ට පමණ කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මාතර දෙස සිට හක්මස දෙසට ධාවනය වු ටිපර් රථයක් නැවැත්වීමට සංඥා කර ඇත.

ටිපර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එම අවස්ථාවේ හක්මන දෙසට ඉදිරියෙන් ඇති මාර්ග බාධකයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඔවුන් ටිපර් රථය ලුහුබැඳ ඇත.

මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ටිපර් රථය නවතා පරීක්ෂා කරන අවස්ථාවේ ඉහත නිලධාරීන් ද එම ස්ථානයට ඇත.

පොලිස් නිලධාරීන් විසින් ටිපර් රථයේ රියදුරුහට අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත්කර රියදුරුහට අවවාද කර මුදාහැර තිබේ.

අනතුරුව හක්මන දෙසට ධාවනය කළ ටිපර් රථය විනාඩි 10කට පමණ පසු මාතර දෙසට නැවත ඉහත මාර්ග බාධකය අසළ රාජකාරි යෙදී සිටි නිලධාරීන් යටකර පලාගොස් ඇතැයි පොලීස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම සිදුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් ඇති අතර, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වු හක්මන පොලිස් ස්ථානයට අනුයුක්ත වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.

අනතුරට ලක්කර පලාගිය ටිපර් රථය, රන්න ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී සොයා ගෙන තිබේ.

රන්න, කට්ටකඩුව, ගෝටයිම්බරගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ නතර කර තිබිය දී අදාළ ටිපර් රථය සොයාගෙන ඇති බව වාර්තාවේ.

ටිපර් රථ රියදුරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

මුදලට ක්‍රිකට් පාවාදීමේ චෝදනාවෙන් ක්‍රීඩකයෝ පස්දෙනෙක් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කරයි

colombotoday

රනිල් පන්නා කරු,සජිත් අගමැති කරන්න තිරය පිටුපස මෙහෙයුමක්… විශ්වාසභංගයකුත් ලෑස්තියි !

colombotoday

රතන සූත්‍රය දේශනා කිරීම ඉතාමත් වටිනවා !

colombotoday

මංගල සමරවීර මගේ පස්සෙන් ආවා -ගෝඨා

colombotoday

අදත් ප්‍රදේශ රැසකට වැසි

Admin

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

Admin