Colombo Today Local News

ඡන්ද හිමියන් සදහා ඡන්ද පත්‍රිකා නොලැබුනොත් කළ යුතු දේ

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම අද (11) සිට ආරම්භ කෙරෙයි.

එය අද, හෙට (12) සහ අනිද්දා (13) යන දිනයන් හී දී සිදු කිරිමට නියමිතය.

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ජූලි මස 29 වන දිනෙන් අවසන් වන අතර එදිනට පෙර නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන් අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු නිල ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරිම ලබන 14,15,16 සහ 17 යන දිනවල දී සිදු කිරිමට නියමිතව තිබේ.

රාජ්‍ය ආයතනවල සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබන 14 සහ 15 යන දින වෙන් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා ලබන 16 සහ 17 යන දෙදින නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි

එම දිනවල දී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා ලබන 20 සහ 21 යන දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම සලසා දී තිබේ.

Related posts

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

Admin

ඇමති චම්පිකගේ රියේ හැප්පුණු සංදීපගේ පියා කියන කතාව!

colombotoday

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

colombotoday

නාමල්ගේයැයි කියා FCID අත්අඩංගුවට ගත් මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී

colombotoday

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

බදුගම හැර කලුතර දිස්ත්‍රික්කයේ අගුලු අරී

colombotoday