Colombo Today Local News

යළිත් සමාජයට සීමා පනවනවාද ?

රට ලොක්ඩවුන් කිරීමේ කිසිදු අදහසක් මේ වන විට නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය පැතිරීම වලක්වා ගනිමින් ඒ තත්ත්වය ආරක්ෂා කර ගැනීම ජනතාවගේද වගකීමක් බවද ඔහු පවසයි.

ලෝකයෙන්ම කොරෝනා වසංගතය අවසන් වන තෙක් සෞඛ්‍යාරක්ෂිත පුරුදු දිගටම අනුගමනය කර කොරෝනා පරාජය කිරීමට සහාය වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරස පැතිරීමේ අවදානම අඩු වූ පසු ඇඳිරි නීති සමයේ පැවති නීති රීති ලිහිල් කරද්දි එතෙක් අනුගමනය කරන ලද සෞඛ්‍යාරක්ෂිත පුරුදු ද ජනතාව ලිහිල් කර ගත් බවත් එයින් රටත් ජනතාවත් අවධානමේ වැටෙන බවත් ඔහු සඳහන් කරයි.

ඒ නිසා පෙර පරිදිම සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවද ඔහු පවසයි.

කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශිකාවක් බස්රථ කිහිපයක ගමන්කර ඇතත් ඇය සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කර ඇති නිසා ඇගෙන් වෛරසය පැතිරීමේ අවදානම අඩු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

රට පනින්න ගිය බාල බෙහෙත් ගෙන්වීමට අදාළ තිදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරයි

Admin

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විරෝධය නැවතත්.

colombotoday

ඉන්දන පිරවුම්හල්වල පෙට්‍රල් නෑ. – තෙල් හිගයක් නොමැති බව ඇමති කියයි.

colombotoday

සපුගස්කන්ද දිගටම වැඩ කළොත් වසරකට ඩොලර් මිලියන 300ක ලාභයක්

Admin

කියපු විදියට බඩු මිල අඩුවෙන්නේ නෑ

Admin