Colombo Today Local News

නිල රාජ්‍ය මුද්‍රා 21ක් සමග ව්‍යාජ ලේඛන සෑදු පුද්ගලයෙක් අත්අඩංගුවේ

අත්අඩංගුවේ පසුවන “ගගන” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ සහායකයෙක් බවට සැක පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම, ඇරැව්වල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

එම පුද්ගලයා සතුව තිබී කූඨ ලේඛන සකස් කිරීමට සහ එම ලේඛන සඳහා මුද්‍රා තැබීමට යොදාගත් රජයේ නොයෙකුත් රාජකාරිවල නියුතු උසස් නිලධාරීන්ගේ සහ විවිධ ආයතනවල නිල මුද්‍රා 21ක් සහ ව්‍යාජ ලෙස සකස් කළ ඉඩම් ඔප්පු ලිපි කට්ටල 5ක් සොයාගෙන ඇත.

සැකකරු ගගන නමැත්තා සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී කටයුතු කිරීම හා ඔහුට තොරතුරු ලබාදීම යන චෝදනාවලට අදාළ ව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අවස්ථාවේදී තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙක් 2017දී යුද හමුදවෙන් පළා ගිය පුද්ගලයෙකු වේ.

සැකකරුවන් තිදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා මහරගම පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

Related posts

කමල් මාලිමාව හැරදා යයි

Admin

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. ප්‍රභාකරන්ගේ රුව Facebook දැමූ දෙදෙනා 21 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday

“රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත්කළ යුතුයි” – ජනපති

colombotoday

අද සිට ඖෂධ වර්ග 60ක මිල පහළට

Admin