Colombo Today Local News

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

පැවැති සීමාකිරීම් ලිහිල් කළ පසු පොදු මගී ප්‍රවාහන සේවාවල සහ රෝහල් බාහිර ප්‍රතිකාරය අංශවල ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව කණස්සල්ලෙන් යුතුව අදහස් පල කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම ස්ථානයන්හි බොහෝ පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් එකිනෙකා හා හැපි හැපී කටයුතු කරන බව පෙනෙන්නට ඇති බවයි.

විශේෂයෙන් මගී ප්‍රවාහන සේවාවන්වල ගමන් කිරීමේදී එක් අසුනක එක් මගියෙකු මගින් වශයෙන් ගමන් කිරීම මෙන්ම මුහුණු ආවරණ පැළඳීම ද ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවන ගැටළුකාරී තැන් ගණනාවක්ම හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ කාලයේ දී මෙම සෞඛ්‍ය නීති උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

නිවසට විදුලිය ලබා නොදීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපතිගෙන් පැමිණිල්ලක්

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 300 සීමාව පනියි. අද දවසට 32ක් වාර්තා වෙයි.

colombotoday

“උතුරු-නැගෙනහිරත් තර්ජණයට ලක්වෙලා… ආරක්ෂාව තරකර දෙන්න” – TNA ඉල්ලයි

colombotoday

වැල්ලවත්තේ බැංකු නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

වැසි නැති දවසක්

colombotoday

බදුර්දීන්ගේ නිවසේ ගිනිගෙන මියගිය දැරිය ගැන රහස් රැසක් එලියට

colombotoday