Colombo Today Local News

බදියුදීන් මොහොමඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රහස් පොලීසිය විසින් රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදීයුදීන් මහතාගේ සොහොයුරෙකු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 6 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.‍

මෙම පෙත්සම අද (18) ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 6 වන දා කැඳවීමට අධිකරණය නියම කළේය.

අත්අඩංගුවේ පසු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියාට පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවය.

තම සැමියා අත්අඩංගුවට ගැනීමේදී රහස් පොලීසිය මගින් කිසිඳු හේතුවක් නොදන්වා සිටි බවත් මේ දක්වා ඔහු කිසිදු අධිකරණයකට ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා සිටි බව වාර්තා වේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඇය සිය පෙත්සමෙන් සඳහන් කර ඇති තිබේ.

ඒ අනුව අත්අඩංගුවේ පසුවන සිය සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.

Related posts

අංගොඩ ලොක්කාගේ මරණයේ කරුණු හෙළිවෙයි – විෂ ශරීර ගතකල කතාව බොරුවක්

colombotoday

අයි.ඕ.සී. න් ඩීසල් ටොන් 6000 ක්

colombotoday

ඉරානයෙන් යූරියා දෙන්න එකඟවෙයි

colombotoday

ඉන්දියාවේ දී හොරකමේ ගිය ලාංකික හොරු 4ක් අත්අඩංගුවට

Admin

ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් ශ්‍රීලනිපය හානි කරන්නේ නෑ. තිලංග සුමතිපාල

colombotoday

එජාපය පිරිහුනේ සජිත් ප්‍රේමදාස නිධන් කඩපු නිසා..රට පුරා පන්සල් වල නිදන් හෑරුවා.. ඕනෑම ආණ්ඩුවක සජිත් වගේ මන්ද බුද්ධික චරිත ඉන්නවා..

colombotoday