Colombo Today Local News

කේරළ ගංජා කිලෝ 104කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

යාපනය, කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී.

ගොඩබිම දෙසට පැමිණි ඩිංගි යාත්‍රාවක පිරිසක් ගෝනි තුල බහාලන ලද කිසියම් ද්‍රව්‍යයක් ගොඩබිමට රැගෙන එන ආකාරය නිරීක්‍ෂණය කර පසුව අදාල ස්ථානය වෙත මුර සංචාරයේ නිරත නාවික හමුදා සාමාජිකයින් ගමන් කරනවාත් සමඟ ගෝනි කිහිපයක් පමණක් වෙරළ තීරය තුල දමා ඩිංගි යාත්‍රාවේ සිටි පිරිස නැවත මුහුදට යාත්‍රා කර තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එම ගෝනි තුල තිබී පාර්සල් 25ක් වශයෙන් අසුරණ ලද කේරළ ගංජා කිලෝ 57කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව පලාගිය යාත්‍රාව සහ සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

පසුව මාදගල් ප්‍රදේශයේදී එම පලා ගිය ඩිංගි යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් දෙදනා නාවික හමුදා භාරයට ගෙන ඇත.

පසුව අදාල පුද්ගලයින්ගෙන් ලබා ගන්නා ලද තොරතුරු මත මුහුදේ අතහැර දමා තිබූ පාර්සල් 13ක ඇසුරුම් කරන ලද තවත් කේරළ ගංජා කිලෝ 46 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

ඒ අනුව මෙම සමස්ථ මෙහෙයුමේදී ‍තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 104 කට අධික ප්‍රමාණයක්, සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය , ඩිංගි යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් දෙදනා (02) ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉලවා‍ලෙයි පොලිසිය වෙත භාර දී තිබේ.

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණය : පොලිස්පතිගේ කටහඬ ගැළපේ

colombotoday

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

colombotoday

එජාප, ටීඑන්ඒ ඇතුළු බටහිර බලවේගවල බළල් අතක් බවට ජවිපෙ පත්වෙලා… 20 සංශෝධනය ගෙන්නේ අගමැති රනිල්ට විධායක බලය දෙන්නයි…

colombotoday

නගර සභාවක ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් සහ හැඳුනුම්පත් තොගයක් හමුවෙයි

Admin

“බලය බෙදා, දෙමළ රාජ්‍ය භාෂාවක් කරන්න දැන් සාකච්ඡා කරනවා” – සංහිදියා ඇමති

colombotoday

මා ජනාධිපතිවීම වලක්වන්න කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මකයි

Admin