Colombo Today Local News

දිස්ත්‍රික්ක 5ක මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද

අද (13) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මීගමුව, කල්පිටිය, කොටපොල, ලුණුගම්වෙහෙර, රත්තොට සහ දිඹුලාගල යන ප්‍රදේශවලදී මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

අදාල දිස්ත්‍රික්ක භාරව කටයුතු කරන නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලවල නිලධාරීන් සහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ගේ සහභාගීත්වයෙන් එම වැඩසටහන් පැවැත් වේ.

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙම පෙරහුරු මැතිවරණ පැවැත්වීමෙන් අපේක්ෂා කෙරෙන බව සදහන්.

ඒ ආකාරයෙන් සංවිධානය කළ පළමු පෙරහුරු මැතිවරණය පසුගිය 07 වනදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණි.

Related posts

සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නවා – අගමැති කියයි

colombotoday

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන දිවි ගමනට සමු දෙයි

Admin

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

colombotoday

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

colombotoday

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි

Admin