Colombo Today Local News

මාලිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

මාලිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලැබු පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ පස්වරු 5.00ට පමණ අදාළ වෙඩි වැදීම සිදුව ඇති බවයි.

වෙඩි වැදිමෙන් තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 35 හැවිරිදි ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින පුද්ගලයෙක්.

මෙම වෙඩි තැබීම කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාලිගාවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

colombotoday

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday

ශ්‍රීලනිපය – පොදුජන පෙරමුණ සන්ධානගතවෙයි !

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවා මේ පාර නෑ..

colombotoday

අදත් ඩොලරයේ වෙනසක්

Admin