Colombo Today Local News

චෝදනා ආවේ අන්තවාදී ආගම්වල ඉන්න කට්ටිය නිසයි. අද එජාපය සුද්ද වෙලා. ආර්ථික යුද්ධයෙන් දිනන්නත් පුළුවන්. රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

බෞද්ධයන්ට විරුද්ධව කතා කරන අන්තවාදී අය, අන්තවාදී ආගම්වල ඉන්න කට්ටිය නිසා එක්සත් ජාතික පක්ෂයටත් එම චෝදනා පැමිණි බවත් අද සම්පුර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂය සුද්ද වී ඇති බවත් එම පක්ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

එක්සත් ජාතික පක්ෂය සුලු පිරිසක් විසින් අතහැර දමා එළියට යාමත් සමග පක්ෂය සම්පූර්ණයෙන්ම සුද්ද වූ බවත්, දැන් පක්ෂය තුළ ඇත්තේ පරිණත ජයග්‍රාහී කළ හැකි කණ්ඩායමක් බවත් එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (25) ප්‍රකාශ කර සිටියා.

ආර්ථික යුද්ධයෙන් දිනන්න පුළුවන් හැකියාව තිබෙන්නේ එජාපයටයි

“ඒ වගේම මොන යුද්ධය දිනුවත් ආර්ථික යුද්ධයෙන් පැරදුනොත් රට විනාශ වෙනවා. ඒ නිසා රට ආරක්ෂා කරගන්න නම් කොරෝනා යුද්ධයෙන් ජය ගන්නවා වගේම ස්ථාවර ජාතික ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. ඒ සදහා හැකියාව එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. කොනරෝනා අවධානම යටතේ නැවතත් රටවල පුද්ගලයින් අපේ රටට ගෙන්වීම සම්බන්ධයෙන් වැඩි දුරටත් සිතා බැලිය යුතුයි. රට තුළ දින 67 ක් වැනි කාලයක් ඇදිරි නීතිය පනවලා මේ වනවිට සෑ‌හෙන දුරට කොරෝනා පාලනය වෙලා තිනෙනවා. ඒ නිසා අපි නැවනත් රටවල සිට ජනතාව ගෙන්වනවා නම් දැඩි ලෙස විමසිලිමත් වියයුතුයි. විදේශ විනිමය ලැබෙන මාර්ගයක් වුවත් ඒ පිළිබදව අප සැලකිලිමත් වියයුතුමයි.” යැයි කරුණානායක මහතා පැවසීය.

Related posts

“ලංකාවේ මාරුතී මාමා මරු.. බදු අඩුකරලා අපේ වාහන ටික විකුණලා දෙනවා.. ඉන්දියාවේ අය දැන් හිතන්නේ එහෙමයි” බන්ධුල ගුණවර්ධන

colombotoday

මොරටුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

colombotoday

දවල්ට කොම්පෝස්ට්.. රෑට යුරියා.. යොදා කාබනික ගොවිතැන සාර්ථකයැයි පෙන්නුවා. – ලොවක් ඇන්දු රතන හිමිගේ තවත් කුපාඩි වැඩක් හෙළිවෙයි.

colombotoday

ළමා නිවාසයකින් සිසුවියන් 6ක් පැන ගිහින්

Admin

බියර්, අරක්කු, සිගරට්, ගංජා එක්ක ගෙවෙන බිග් මැච්

colombotoday

“සභාවට එන්න බැරි රාජ්‍ය නිලධාරීන් ගැන ප්‍රවේශමෙන් කතා කතාකරන්න”

colombotoday