Colombo Today Local News

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතයි

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(26)දින දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා විසින් ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරු 09.30 ට කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

එම පැමිණිල්ල පිළිබඳ සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතු අද දිනයේ පළමු වරට ආරම්භ වන අතර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය මඟින් මූලික විමර්ශන අවසන් කළ තවත් පැමිණිලි දෙකක සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කෙරෙයි.

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන වික්ටර් සමරවීර සහ ජාතික පොලිස් කොමිශන් සභාවේ හිටපු වැඩබලන ලේකම් සමන් දිසානායක යන මහත්වරුන් විසින් ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිලිවල විමර්ශන අද සිට ආරම්භ වන බව සඳහන්.

Related posts

මීරිගමදී ලොරියක් දුම්රියක ගැටෙයි.. දුම්රිය ධාවනයට බාධා

colombotoday

වැලිකඩ බන්ධනාගාරය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීමේ තිරණයක්

colombotoday

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

බුලත් කොරටුවේ වැවූ ගංජා මාට්ටු

Admin

තියුණු ආයුධයකින් කපා බිරිඳ ඝාතනය කර සැමියා ගෙල වැලලා ගනී

colombotoday

සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු දිවයිනට

colombotoday