Colombo Today Local News

දිවි නසාගන්න ගිය තරුණිය තලවකැලේ පොලිස් ස්ථානාධිපති බේරගනී – දෙදරු පියෙක් මරුට

ඉහල කොත්මලේ ජලාශයට පැන්නේ යැයි කියන තරුණියක් (21) දින බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සමත් වි ඇත.

ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම අසලින් අවුරුදු 22 පමණ වයසැති මෙතෙක් හදුනාගෙන නොමැති තරුණිය ජලාශයට පැන ඇති අතර එ දුටු දුම්රිය පාලම අසලම පදිංචි අවුරුදු 32 වයසැති දෙදරු පියෙක් තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන ඇත.

ජලාශය මධ්‍යයේ සිටි තරුණිය වෙත පිනා ගිය දෙදරු පියා තරුණිය ළගට ළගා විමත් සමග තරුණිය දෙදරු පියා සමග යලිත් ජලාශය තුල අතුරුදහන් වි තරුණිය ජලාශයෙන් මතු විමත් සමග තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජලාශයට පැන තරුණිය වෙත ළගා වි තලවකැලේ පොලිසියේ අනෙකුත් නිලධාරින් විසින් ලබා දුන් කබයක සහ ටියුබයක ආධාරයෙන් තරුණියව ගොඩට ගෙන ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇත.

විනාඩ් 10 ක් වැනි කෙටි කාලයක් තුල තරුණියව බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමත් වි ඇති අතර තරුණිය බේරිමට ඉදිරිපත් වු දෙදරු පියා සොයා මේ වන විට පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් ජලාශයේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ ජල මට්ටමද ඉහල ගොස් ඇත.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 87ක් හමුවේ

colombotoday

හිටපු ජනපතිගේ ආරක්ෂකයෙක් හදිසියේ මිය යයි

colombotoday

වන්නි සෙන්පතිවරුන් 8 දෙනකුට යුද අපරාධ චෝදනා

colombotoday

හැසිරීම ඉතාම අසික්කිතයි.. 05 වෙනිදා උදෙට ගනුදෙණුව බේරාගමු…

colombotoday

මම ජනාධිපති වූ වහාම කරවල මිල අරක්කු මිල අඩු කරනවා

Admin

ප්‍රහාරයක් සදහා සූදානම්ව සිටි 13 ක් ආයුධ සමග අත්අඩංගුවට

colombotoday