Colombo Today Local News

ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ

කොරෝනා වසංගත තත්ත්වය හේතුකොටගෙන ඇතිවී තිබෙන ආර්ථික පරිහානිය යළි යථා තත්ත්වයට පත් කිරීම සදහා ඉදිරි වසර 05ක් යනතුරු ඇමැතිවරුන්ට හෝ රජ්‍ය නිළධාරීන්ට නව වාහන ආනයනය නතර කිරීමට කටයුතු කරන බව රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශයට අනුව මැති ඇමැතිවරුන්ට වසර 03ක් යනතුරු වාහන ආනයනය කිරීම නොකරන බවට ලබා දුන් පොරොන්දුව මේ වන විටත් ක්‍රියාත්මක වන බවද ඔහු පවසා සිටි අතර

තවද පවතින ආර්ථික තත්ත්ව සහ රජයේ ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කරමින් එම සීමා කිරීම වසර 05ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ මේ වන විට ඇමැතිවරුන් හට වාහන ගෙන්වීමට රජය කටයුතු කරගෙන යන බවට පලවන විවිධ මාධ්‍ය වාර්තා මුළුමනින්ම සාවද්‍ය බවයි.

Related posts

රක්ෂිතයකින් දිරාගිය කාන්තා අස්ථි කොටස් හමු වෙයි

Admin

ජවිපෙ අපේක්ෂකයෙකුගේ මෝටර් රථයට ගිනි තබයි

colombotoday

එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව රනිල් කියයි…

colombotoday

බෙදුම්වාදයට ගෝඨාගෙන් ඉඩක් නෑ – TNA – ගෝඨාභය සාකච්ඡා ඵල රහිතයි !

colombotoday

හමුදාවන්ට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක්

colombotoday

මෙරට බීජ අයිතිය පැහැර ගැනීමේ තැතක්… ඉන්දියානු සමුළුවක් දැන් කොළඹ හෝටලයක..

colombotoday