World

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා ලබන මස 3 වැනිදා දක්වා දීර්ඝ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද  (14) ප්‍රකාශ කළේය.

ඉන්දියාව මුල්වරට ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කළේ ඉකුත් මාර්තු මස 25 වැනිදා වන අතර එම සති තුනක කාලය අදින් අවසන් වේ. 

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ නියෝග සහ සීමා හේතුවෙන් බිලියන 1.3ක් වෙසෙන ඉන්දියාවේ මිලියන ගණකට රැකියා අහිමි වී ඇත. තවත් සියදහස් ගණකට උන්හිටි අහිමි වී ඇත. තවත් බොහෝ පිරිසක් ආහාර නොමැතිව අනාරක්ෂිත පසුවෙති.

“ආර්ථිකය පැත්තෙන් ගත්තොත් අපි විශාල වන්දියක් ගෙවනවා. ඒත් ඉන්දියානුවන්ගේ ජීවිත ඊට වඩා බෙහෙවින් වටිනවා” ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.

Related posts

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

colombotoday

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

colombotoday

බුර්කාව එපා…!!! මන්ත්‍රීවරිය බුර්කාවක් හැද පාර්ලිමේන්තු එයි..

colombotoday

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday